එදින අමාවක දිනයක් විය.මගේ යහලුවකගෙ මල ගෙදරකට ගොස් සිටි මට මල ගෙදරට අවශ්‍ය බඩු වගයක් ගෙන ඒමට town එක බලා පිටත් වීමට සැරසෙමින් සිටියෙමි.මගේ 2 ශ්‍රී BMW කාරය දෙසට යනවිට මේ සියල්ල ආරම්භ විය.මල ගෙදරට පැමිණ සිටි අයෙකුගේ කතාවක් මගේ කනට වැටුණේ එවෙලේය." මේ මාසයට උන 4 වෙනි බිලිගැනීම" මේ වෙනතෙක් යහලුවාට නින්ද ගොස් මේ අනතුර සිදු වු බව දැන සිටි මට අමුතු හැගීමක් දැනීමට පටන් ගත්තේය.කෙසේ හො මට කාරයට නැගීමට අඩි 2ක් පමන තිබියදී එතන සිටි කැහැටු බල්ලෙක් කනපට සැලීය.බල්ලෙකු කනපට සැලීම ඉතා අසුභ දෙයක් නිසා මම විනඩි කිහිපයක් බලා ඉද කාරයට ගොඩ විය.අවාසනාවක මහත. මම කාරයේ එන්ජිම පනගැන්වීමට අත තැබුවා පමණි හූනෙකු චික් චික් ගෑවේය.බඩු ගෙන ඒමට පරක්කු වෙන නිසා එය ගනන් නොගෙන එන්ජිම පන ගන්වා ගමන ආරම්භ කලේය.අවිදුර දුෂ්ටිකත්වයෙන්(ලග පෙනෙන නමුත් දුර නොපෙනෙ) පෙලෙන මට උපැස් යුවල් ගෙදර අමතක වී ඇති බව සිහි උයේ ගමන ආරම්භ කල පසුය.නැවත නිවස කරා යාමට වෙලාවක් නොමැති නිසා සාමාන්‍ය වේගයකින් වාහනය ධාවනය කිරීමට පටන් ගත්තේය . නගරය කරා පාර වැටී තිබුනේ 20km පමන දුරකට විහිදී තිබුණු මහ ගණ කැලයක් හරහාය.මාර්ගයේ ටික දුරක් ධාවනය කර තිබුණි.එකවර කැලය තුළින් භායානක ශබ්දයක් ඇසෙන්නට පටන් ගත්තේය.තප්පර කිහිපයක් ගතවන්නට මත්තෙන් එය කැලැ සතුන්ගේ කෑ ගැසීමක් බව හදුනා ගත් මගේ සිතට දැනුනෙ එය ඉතා අසුභ පෙරනිමිත්තක් බවය.මම තවත් කාරයේ වේගය අඩු කර ධාවනය කිරීමට පටන් ගත්තේය.කෙසේ හො ටිකෙන් ටික මගේ යහලුවාට අනතුර වු ස්ථානයට ලගා විය .මාගේ හෘද ස්පන්දනය තප්පරයට 1500ක් පමන බව දැනුනි.පෙර සිද්ධි සියල්ලම මොලය තුළ ඩොල ගැසීමට පටන් ගෙන තිබුණි .කවදාවත් නොතිබූ භයකින් මා වෙලී සිටියේය .කෙසේ හො කිසිදු කරදරයකින් තොරව එම ස්ථානය පසු කල මගේ ගතට ලේ ටිකක් ඉනුවේ ඉන් පසුවය.නමුත් ඒ ලේ ටීක ආපසු සීදී යාමට වැඩි වෙලාවක් ගත නොවිය.එකවරම කාරයේ පියුස් බෝඩ් එකෙන් දුමක් දැමීමට පටන් ගත්තේය.හදිසියේම කාරය නතර කර බැලූ මට දැක ගැනීමට හැකි වූයේ පියුස් කිහිපයක් පිලිස්සී ඇති බවය.කර කියාගැනීමට දෙයක් නොමැති නිසා ජංගම දුරකථනය අතට ගත්තේ කාට හො ඇමතූමක් දිමේ අරමුනෙනි.එම අරමුණු සියල්ල විනාශ කරමින් මම සිග්නල් නොමැති හද්ද වන්නියක සිටියේය .වටේම කැරකුනද සිග්නල් තියන තැනක් සොයා ගත නොහැකි විය.වාහනයක් නතර කර ගනීමට සිතුවද එම ප්‍රදේශය තුළ වාහනයක් සෙවීම පිදුරු ගොඩේ ඉදි කට්ටියක් සෙවීමක් විය .එය එතරම් දුෂ්කර ප්‍රදේශයකි.එම නිසා මටම කුමක් හො කර ගැනීමට සිදුවිය .පිලිස්සී තිබූ පියුස් ගැලවූ මම කාරය පනගැන්වීමට ගැනීමට වෙහෙසක් දැරුවෙමි.මම කර තිබූ පිනක මහිමයෙන් කාරය පනගැන්විනි.නමුත් කාරයේ කිසිදු බල්බයක් ක්‍රියාත්මක තත්වයේ නොවිය .උන්න විදිහට මලා මදැ කියලා මම කාරය සෙමින් ධාවනය ආරම්භ කලේය .කැලයේ අවසානය ඔන්න මෙන්න විය.එකවරම කලු බළලෙක් පාරෙන් මතුවිය .වැරයෙන් තිරිංග යෙදු මා ඉදිරිපස වීදුරුව සිප ගැනීමට ඔන්න මෙන්න තබා කාරය නතර විය.කෙසේ නමුත් මම නැවත බලන විට බළලා අතුරුදහන් වී සිටියේය .මම නැවත ගමන ආරම්භ කිරීමට පෙර අපේ අම්මා මා අවදි නොකලානම් මා සිහිනය තුලම මිය යාමට ඉඩ තිබුණි .🙈🙈🙈🙈🙈🙈
ඕං එහෙනම් හා හා පුරා කියලා වැඩ පටන් ගත්තා.අපේ දුලා සහෝදරයා බ්ලොග් එකක් කරමුද අහපු සැනින් හා කිව්වද වැඩ වැඩි නිසා කරන්න වෙලාවක් නැතුව ගියා.බැද ගත්තු බෙරේ ගහන්නත් එපැයි කියලා ඕං වැඩ පටන් ගත්තා.
මගේ පළවෙනි ලිපියට මොකක්ද දාන්නෙ කියලා හිත හිත ඉන්නකොට තමා අපේ මාමා කෙනෙක් අහපු ප්‍රශ්නයක් මත්ක් උනෙ.කෙතරම් දැනුමක් තිබ්බද එච්චර කුඩා ප්‍රශ්නයක් මාව පැයකට පමණ අසරණ කිරිමට සමත් විය.ඒක නිසා ඒක ඔයාලා අතරත් බෙදා ගැනීමේ අරමුනෙන් ලිපිය ලියන්න ගත්තා.ඔය උඩ තියෙන්නේ කතාව ඒ ප්‍රශ්නයට පාදක වූ කතාවයි.මම පොඩ්ඩ්ක් කට්ටියට මගෙ ලිපිය කියවන්න කැමැත්තක් ඇති වෙන්න පොඩි පොඩි කැලි ටිකක් එක් කරලා වෙනස් කරා.
අනං මනං කියෙව්වා ඇති.කතාව කිව්වට ප්‍රශ්නෙ ඇහුවෙ නැනේ.පොඩි තර්කන හැකියාවක් හා පොඩ්ඩ්ක් මොලේ හොලවන්න මටනම් උනා.එක නිසාමයි මම මේක තොර ගත්තෙත්.ඔයාලට කොහොම වෙයිද දං නැ.
කාතාවෙ හැටියට අමාවක දවසක පූද්ගලයෙක් ගමනක් යනවා.යන වාහනයේ light නැ.(පොඩි දුරක් :නැත්තම් කට්ටිය හිතනවනෙ වාහනයේ light නැත්තම් කොහොමද යන්නේ කියලා )ටික දුරක් යනකොට කලු බළලෙක් පාරට පනිනවා. මිනිසා බළලාව දැක ටික වෙලාවක් වාහනය නවත්වාගෙන සිට බළලා ගියාට පස්සෙ ගමන යනවා .මෙකයි ප්‍රශ්නෙ **** මිනිහට බළලා පේන්නෙ කොහොමද ? ****
තමන්ට හිතෙන උත්තර පහළ comment කරන්න.ගොන් උත්තර නම් දෙන්න එපා මේ වගේ.රෑට බළල්ලුන්ගේ ඇස් දිලිසෙනවා වගේ.උන්ගේ ඇස් දිලිසෙන්න light එලියක් ඕනා.
හිතුවට වඩා ලිපිය දිග වැඩි උනා.කලින් ලියපු නැති හින්දා ඒවටත් එක්ක හිලව් වෙලා යයි කියලා හිතමු. ලිපිය පිළිබඳවත් පොඩි අදහසක් දාගෙන යන්න.මම මෙතනින් නවතිනවා.තවත් ලිපියකින් හමුවෙමු.
************ ඔබට ජය ************
😎😎😎😎😎😎 ĐŚ 😎😎😎😎😎😎
අත්භුත කලු බළලා (mystery black cat)
Reviewed by ĐŚ
on
March 17, 2019
Rating:

😍😍😍
ReplyDeleteNo idea.but its grate post.keep it up O:-)
ReplyDelete