ඔන්න දෙවෙනි පෝස්ට් එකත් ගෙනාවා.මගෙ දෙවෙනි පෝස්ට් එක උනාට මේක බ්ලොග් එකේනම් 4 වෙනි පෝස්ට් එක.අක්කා පෝස්ට් දෙකක් දාලා තියෙනවා මේ වෙද්දි.අනිත් යාලුවට පොඩ්ඩක් වැඩ වැඩි වෙලා මේ ටිකේ.එයත් ඉක්මනට වැඩ පටන් ගනී.
දෙවෙනි පෝස්ට් එකටත් stranger things එකෙන්ම එකක් දැම්ම නම් හොදයි කියලා හිතුනා.කලින් ගෙනාව up side down ගැන කියෙව්වෙ නැත්තන් ඒකත් කියවන්න.stranger things fan කෙනෙක්නම් ඒක වටීවි කියලා හිතෙනවා.වැඩි කතා ඕන්නෑ පෝස්ට් එකට යන්.
අද ගෙනාවෙ බයානක සතෙක් ගැන.demogorgon .stranger things බැලුවානම් ඔයාල දන්නවා මේ සතා කොච්චර බයානකද කියලා.stranger things එකේ demogorgon ගැන කතා කරන්න කලින් ඇත්තටම මේ demogorgon කියලා සතෙක් ඉන්නවද කියලා කියන්නම්. ඔය ගොල්ලො දකින්න ඇති stranger things එකේ ලමයි ගේම් එකක් ප්ලේ කරනවා.මේ ගේම් එක ඇත්තටම තියෙන ගේම් එකක්.මේක role play game එකක්.ඒ කියන්නෙ එක එක කෙනා ඒකෙ තියෙන චරිත නිරූපනය කරනවා.ඒ චරිත වෙනුවෙන් පෙනී හිටිනවා.මේ gගේම් එක publish කරලා තියෙන්නෙ 1974 .මේක design කරලා තියෙන්නෙ gray gygax සහ dave arneson කියන දෙන්නා.මේ ගේම් එකේ එන විශේශ චරිතයක් තමා මේ demogorgon කියන්නෙ.හෝව් මට ගේම් එකේ නම කියන්න අමතක උනානෙ.මේ ගේම් එකේ නම Dungeons & Dragons.මේකෙදි demogorgon කියන්නෙ powerful demon prince කෙනෙක්.ඒකියන්නෙ බලවත් යක්ශ කුමාරයෙක්.මේ ටීවී සීරීස් එකේ වගේම මේ ගේම් එකෙත් ඉන්න බ්ලවත්ම සතුරෙක් තමයි මේ demogorgon .
![]() |
Dungeons & Dragons |
ටීවී සීරීස් එකේ එන demogorgon ගැන දැන් කතා කරමු.මේ demogorgon ලා එන්නෙ upside down එකෙන්.demogorgon ලා කියන්නෙ predators ලා වර්ගයක්.ඒ කියන්නෙ විලෝපිකයො වර්ගයක්.එල් හදන ගේට් එකෙන් එලියට එන මෙයාලා මෙහෙ මිනිස්සුන්වයි සත්තුන්වයි දඩයම් කරන්න පටන් ගන්නවා.මූට තියෙන ස්පෙශල් හැකියාවක් තමා upside down නුයි මෙහෙයි අතර ටෙම්පරි ගේට් හදන එක.mඉතින් මෙයා දඩයම් කරන සත්තුන්ව upside down වලට ගෙනියනවා.
තව මරන්න අමාරුම සතෙක් තමා demogorgon කියන්නෙ.එල් ඇරෙන්න වෙන කිසිම කෙනෙක් එකම සතෙක්වත් මරලා නෑ.ඒ වගේම ලේ වලට ඇදිලා එන සතෙක්.වැම්පයර් කෙනෙක් වගේ.හැබැයි ඉතින් වැම්පයර්ලා ලේ විතරක් බිව්වට මුන්නම් කාලම දානවා,
මෙයාලගෙ special ability ඒම නැත්තන් විශේශ හැකියා ගැන කතාකරනවනම්,
1.Interdimensional travel -parrel uni අතර ගමන්කිරීමේ හැකියාව
2.Strength-ශක්තිය ගැනනම් කතා කරන්න දෙයක් නෑනෙ.තනියම ආර්මි එකකටම ගේම දෙද්දි
3.Blood detection-ඒක කලිනුත් කිව්වනෙ
4.Regenerative Healing -කොච්චර gවෙඩිතිබ්බත්.ගිනි තිබ්බත් ස්නික හොද උනා මතකනෙ.ගිනි තියපු එකනම් මොනා උනත් සෑහෙන්න වැඩ කරා.
අන්තිමටම කියන්න යන්නෙ මෙයාලගෙ ජීවන චක්‍රය.මේක ඉතින් කන්ෆර්ම් නෑ.මේක ස්තිර නෑ කියන්නෙ මේ ස්ටේජස් වලට අමතරව තවත් ස්ටේජස් තියෙන්න පුලුවන් මේ තියෙන්නෙ අපි ටීවී සීර්රිස් එකේ දැකපු ස්ටේජස් ටික.
1.Slug -මේ අර විල් වමනෙ දාන එකා
2.Pollywog -මේ ඩස්ටින් හොයාගද්දි උන්න එකා.ඩස්ටින් න්ම dදාන්නෙ ඩාර්ට් කියලා .ස්ගෙඩියෙක්ට ටිකක් සමානයි.තද කහපාටට වගේ හුරුයි.කකුල් 2ක් විතරයි තියෙන්නෙ.
3.Frogogorgon -මේ වෙද්දි ඩාර්ට්ට කකුල් 4යි.තද කොල පාටට හුරුයි.
4.Catogorgon -මුලින්ම dimogorgon ගෙ මල වගේ කට හැදෙන්නෙ මේ ස්ටේජ් එකේ.
5.Demodog -dimogorgonගෙ මුලු පෙනුමම වගේ තියෙනවා ඒත් ඊට වඩා කුඩයි.
දිග ලිපියක් ලිව්වා.දැන් නම් ඇති වගේ.කතා කරනවානම් තව ගොඩාක් දේ තියෙනවා.ඒත් ලිපියත් දිග වැඩි වෙනවා.ඇසුත් බාගෙට පියවීගෙන එන සීන් එකක් තියෙන්නෙ.ඒ නිසා මෙතනින් නවතින්නම්.ලිපිය හොදයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න .ඒක ගොඩක් වටිනවා.දිගටම අපිත් එක්කම රැදිලා ඉන්න.
================ජය වේවා=============
sdr
මොකාද මේ demogorgon?
Reviewed by Monster
on
March 15, 2019
Rating:

Amazing 😍😍
ReplyDeleteThank you very much
DeleteThis comment has been removed by the author.
ReplyDeleteWow Excellent ❤️
ReplyDeleteThank you very much
Delete