වද මල් ඊයා.ඉදකින් වද මල් බොනවද? ඔය ජරාව බොන්න පුලුවන්ද ?පලයන් බොරු නොකියා.මම වද මල් බීම එකක් බිව්වා කියපුවාම මගේ යාලුවන්ගෙන් ලැබුණේ මේ වගේ ප්‍රතිචාර තමා.ඇත්තටම මටත් පලවෙනි පාර බොනකං හිතුනෙ එහෙම තමා.අපේ අම්මා වද මල් බීම එකක් හදලා මේක හැම ලෙඩකටම හොදයි.ඒ වගේම රහයි කිව්වා .මාත් පොඩ්ඩ්ක් බොනවද නැද්ද කියලා හිත හිත ඉදලා බීම එකක්නේ එක උගුරක් බීලා බලනවා කියලා කෝප්පෙ අතට ගත්තා.පලවෙනි උගුර බොනකං හිතුනෙ මේකෙනම් ඇත්තේ මහ ජරා රහක්.දැන් වමනෙ යයි දැන් වමනෙ යයි කියලා හිතමින් පලවෙනි උගුර බිව්වා.අප්පිරියාවෙන් බීපු නිසාද මන්දා මට ටිකක් අමුතු රහක් දැනුනා.ඒත් එසැනින්ම ඒක එතරම් අව්ලක් නැති බව තේරුනා.ඇත්තටම කියනවනම් ඒක නෙක්ටො රහට සමාන රහක්.ඒ රහ මට කොච්චර දැනුනද කියනවනම් මෙච්චර වෙලා අප්පිරියාවෙන් හිටි මම කට තෙමා ගැනීමට පමනක් පොඩ්ඩ්ක් මලයට ඉතුරු කර බීම ජෝගුවම බිව්වා.ඔන්න ඔහොම තමා ඒ ජරා බීම මගේ ආසම පානයක් උනේ.දැන්නම් ඉතින් වද මලක් පිපෙන්න දෙන් නෑ බීම හදන් බොනවා.
ඕං කොහොමින් කොහොම හරි free time එකක් ලැබුනු හින්දා මගේ දෙවෙනි ලිපිය ලියන්න ගත්තා .මේ දවස් වල රස්නෙත් එක්ක දවල්ට මොනා හරි cool drinks එකක් හදන එක අපේ අම්ම්ගෙ පුරුද්දක්.ඔය අතරට අතනින් මෙතන වද මල් බීම එකකුත් සෙට් වෙනවා.ඔය බීම එකක් බිබී ඉද්දි තමා මට මේක ගැන ලියන්න අදහසක් ආවෙ.ලියන්න කියලා ගත්තට මේ බීම එකෙන් අපේ ශරීරයට ලැබෙන දේවල් මොනාද කියලා පොඩ්ඩ්ක් හොයලා බැලුවා.අපේ අම්මනං හැම තිස්සෙම කියන්නේ ඕක හැම ලෙඩකටම හොදයි.ශරීරයට ගොඩක් ගුනදායකයි.ඕවා බිව්වහම ලස්සන වෙනවා .ඕං ඔය ටික තමා.හැම ලෙඩකටම හොදයි කියලා ලිව්වට හරි නැති හින්දා ටිකක් විස්තර හොයන්න ආයුර්වේදයට ගියා.ගිහින් doctor හම්බෙලා විස්තර ටික අහ ගත්තා.ඔය විස්තර අහන්න ගිහින් මම පොඩ්ඩ්ක් නා ගත්තා.ඒක ගැන පස්සෙ කියන්නම්කො.දැන් වැඩේට බහිමුකො
දැන් තමා මාතෘකාවට එන්නේ .වර්තමානයේ ගැහැණු අයගෙන් බොහොමයක් ලස්සන වෙන්න සුදු වෙන්න පැහැපත් වෙන්න කියලා එක එක කෘතිම ආලේපන වර්ග භාවිත කරනවා.ඒවගෙන් ලැබෙන අතුරු ප්‍රතිඵල ගැන හිතන් නෑ.එක දවසින් සතියෙන් සුදු වෙනවා කියලා එක එක ආලේපන භාවිතා කරනවා.ඇත්තම කියනවනම් මටනම් ඒ අයව පේන්නෙ එම්බාම් කරපු මලමිණී වගෙ. උන් හිතන් ඉන්නෙ උන් හෙන සුදුයි කියලා.ඒත් ඒකට අපේ පැත්තෙනම් කියන්නේ සුදු නෙමේ සුදුමැලි කියලා .අම්මො දැන් ඉතින් ගැනු ටික එයි රෙද්ද උස්සගෙන .ආය හිත හැදෙන්න කියලා බොරු කියන්න ඕන් නෑනෙ .ඔය ස්වභාවික ශාක සාරයෙන් කිය කිය ගැහුවට ඒවගෙ ඇති ස්වභාවික ශාක සාරයක් නොමැත.බොරුවට SLS,ISO වැනි තත්ව සහතික ලබාගැනීමට සහ ස්වභාවිකයි කියලා වෙලද නමක් හදා ගන්න ආලේපනයෙන් 98% කට විතර ස්වභාවික ශාක සාර 2%ක් විතර එක් කරනවා .කොහොමත් එතකොට නියම ස්වභාවික සාරයෙන් යුතු ආලේපන සෑදෙනවනේ.ඉතින් අපේ ගෑනු ටික ඔකට රැවටිලා මේක ස්වභාවිකයි මේකෙන් අව්ලක් නෑ කියලා ශරීරයේ උලනවා.ඊට පස්සෙ බැලින්නම් මේ සතියෙ හිටපු කෙනා නෙමේ ඊලඟ සතියෙ.සුදුමැලි වෙලා.කෙල්ලන්ගේ මොලේ හැදි මිටේ කියනවනෙ.අද ගැන විතරක් හිතල වැඩ කරනවා.ටිකක් වයසට ගිහාම තමා වැඩේ පටන් ගන්නෙ.අර ගාපු ආලේපන වල ප්‍රතිඵල ටිකෙන් ටික ඉස්මතු වෙනවා.සාමාන්‍ය කෙනෙක් වයසට ගිහාම හම රැලි වැටෙනවා.එත් මේ අය වයසට ගිහාම අනේ මන්දා කියන්න තේරෙන් නෑ.හරියට අර නන්ද කුමාරයා දැක්ක පිච්චිච්චි වැදිරි වගේ .ඒ පිටතින් පමනයි ඇතුලෙන් පිලිකා අරවා මෙව්වා ලෙඩ ගොඩයි .දැන් ඉතින් කට්ටිය හිතනව ඇති මූ එක එක උපමා අරවා මෙව්වා දාලා හොදට බනිනව කියලා .ඇත්තටම මම නම් දන්න විදිහට වෙලද පොලේ තියන එක ආලේපන වර්ගයක්වත් ශරීරයට 100%ක් ගුනදායක නෑ.ඒක හින්දා එවගෙන් ඈත් වෙන්න .ලස්සන වෙන්න සුදු වෙන්න ඕන්නං ඕනතරම් ස්වභාවික දේශීය ආලේපන වර්ග තියනවා ගෙදරදීම හදා ගන්න පුලුවන්.ආයුර්වේද පොතක් දෙකක් කියෙව්වොත් ඕනතරම් අවෘශදීය ආලේපන වර්ග හොයා ගන්න පුලුවන්.
ඉතින් අදත් කියන්න යන්නේ එවැනි දෙයක් ගැන තමා.හැබැයි මේකෙනම් බීමක්.ආලේපන වර්ග වගේ හදන්න කාලයක් යන්නෙත් නෑ.ආලේපන වගේ ගාන්නයි වේලෙන්නයි ආය හොදන්නයි කාලයක් යන්නෙත් නෑ.හැදුවා බිව්වා .මූ මෙච්චර කයිවාරු ගහලා බැනපු හැටියට මූගේ බෙහෙතෙ ප්‍රතිඵල තියනවද ? ආය කියන්න ඕනා මේකෙන් ගහෙන් ගෙඩි එන්නා සේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.අනික අගුරු කෑල්ලක් කොච්චර ඔපදැම්මත් දියමන්තියක් කර ගන්න බෑ වගේ මම කලුයි සුදු වෙන්න ඕනා කියලා වද මල් බිව්ව්ට වැඩක් නෑ.එහෙම කියලා මේකේ ප්‍රතිඵල නැතුව නොවෙ.කොහොමත් ටිකක් පැහැපත් වෙයි .මේක ටික කාලයක් කොහොමත් බොන්න ඕනා.තාම එක ප්‍රයෝජනයයි කිව්වෙ.හැම එකක්ම විස්තර කරන්න ගියොත් ඒක නිකං නව කතාවක් වගේ වෙයි .ඒක හින්දා නිකං කියාගෙන යන්නම්.පාසල් යන දරුවන්ගේ මතක ශක්තිය වැඩි කිරීමටද වද මල් බීම සමත් වෙනවා .මම නම් දන් නෑ කොහොම හරි පොඩි ලමයින්ගේ මතක ශක්තිය තමා ගොඩක්ම වැඩි වෙන්නේ .ශරීරයේ ඇතිවන ඉදිමුම්,මුත්‍ර දැවිල්ල වැනි සියලු මුත්‍ර ආසාදන,අධි රුධිර පීඩනය ,සමෙහි ඇතිවන බිබිලි දද ලප කෘෂ්ඨ ආදියට,ආහාර අරුචිය ,කැස්ස ,අක්මා රෝග ,හෘද රෝග ,ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග ,අක්ෂි රෝග,අධික ආර්තවය,ළදරු රතගාය,අක්මාවේ මේදය තැම්පත් වීම වැනි රෝග බොහොමයකට ඔසුවක් ලෙස මේ පානය භාවිතයට ගැනේ.තව රෝග බොහොමයකට වද මල් ඔසුවක් ලෙස ගන්නවා.ඒත් එම රෝග වලට වද මල් බීම හරියන්නේ නෑ.ඒවට වද මල් තේ,වද මල් කුඩු වැනි විවිධ පාන වර්ග ඔසු වර්ග යොදා ගන්නවා.ඒවා ගැනත් දැන ගන්න කැමතිනම් පහලින් comment එකක් දාන්න.මුහුනේ ඇතිවන කුරුලෑ ලප කැලැල් සදහා වන වද මල් ආලේපන එම ඔසු ගොඩේ තියනවා.එවා ගැනත් දැන ගැනීමට අවශ්‍ය නම් මතක ඇතුව comment එකක් දාන්න .එක දෙයක් කියන්න අමතක උනා.උඩ තියන සේරම ගොඩක් දෙනෙක් දන්නවා ඇති .නමුත් මමනම් අධික ආර්තවය කියන එක දැනගෙන හිටියේ නෑ.මොකද අපි ලැජ්ජ බයට හැදුණු කොල්ලොනෙ.මම doctor ගෙන් ඕක අහලා තමා නා ගත්තේ.ඩොකා පුල් විස්තරයක් දුන්නාඅහපු මෝඩකම කියලා හිතුනා.මාත් ඉතින් ලැජ්ජාවෙන් අහන් හිටියා.ඒ කොහොම උනත් මටනම් ඒක විස්තර කරන්න බෑ.මොකද අපේ අම්මලා අපිව ලැජ්ජ බයට හදලා තියන නිසා .නම ඇදලා ගත්ත නිසා මොනා හරි කියන්න එපැයි .ඇත්තටම මේක කෙල්ලන්ට අදාල දෙයක් .කෙල්ලො ඒක ගැන දන්නවා ඇති.කොල්ලන්ට ඕවා මේවා මුකුත් අදාල නෑ.මොනවටද හොද අදාලත් නෑ.මේ රස්නෙ දවස් වල තිබහක් හැදුණු ගමන් හදාගෙන බොන්න තියෙන්නේ.කොල්ලො කොහොමත් එහෙමනේ.
වල් පල් ගොඩක් කියෙව්වා.ඕන එක කිව්වෙ නෑනේ .බීම එක හදා ගන්න විදිහ.හදා ගන්න හරිම ලේසියි .කොල්ලෙක්ට උනත් ගේමක් නෑ.
අවශ්‍ය ද්‍රව්‍ය :
• පොකුරු වද මල් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට
• ලුණු ස්වල්පයක්
• සීනි
• දෙහි බෑවක්
සාදා ගන්නා ආකාරය :
විශේෂයෙන්ම කියන්න ඕනා මේකට ගන්නෙ පොකුරු වද විතරයි .පොකුරු වද කියන්නේ අර කීලය හෙවත් අර නැට්ට වගෙ එක නැති පොකුරු ලෙස පෙති ගොඩක් ඇති මලයි.මම එකේ පොටො එකක් පහලින් දාන්නම්.කොහොමත් වෙන වද මල් නම් පාවිච්චි කරන්න එපා.ඒවා විශද දන්නෙත් නෑ.කොහොම හරි මෙච්චරයි කරන්න තියෙන්නේ .පොකුරු වද මල් ටික අරගෙන මුලින් පොඩි කර ගන්න.තමන් කැමති විදිහකට .වංගෙඩියෙ කොටන්නත් පුලුවන් නැත්නම් අතින් පොඩි කරන්නත් පුලුවන් .ඊට පස්සේ ඒකට වතුර එක් කරන්න ඕනා විනිවිද පෙනෙන රතු පාට වෙනකං.පාට වැඩි කරන්න එපා.එතකොට කහට රහක් එයි.උඩ තියන රූපයේ ගානට පාට හදාගෙන ඊට පස්සේ තමන්ට ඇති තරමට සීනි ලුණු දෙහි දාමා බීම එක හදා ගන්න .ඊට පස්සේ කෙලින්ම ගහලා දාන්න තියෙන්නේ .මම වගේ පලවෙනි පාර අප්පිරියාවෙන් ගහන්න දෙයක් නෑ.හරියට කලමනා දැම්මනම් කඩේ තියන බීම බොතලයක් වගේ බොන්න තියෙන්නේ .කිසිම අව්ලක් නෑ.අත්දැකීමෙන් කියන්නේ .
කියන්න තියන සේරම කිව්වා .කලින් එකට වඩා කෙටියෙන් ලියනවා කියල හිටියට ඒකට වඩා ගොඩක් දිග උනා.ඒක හින්දා වෙන මුකුත් කියන්න යන් නෑ. එහෙනම් අපි තවත් ලිපියකින් හමුවෙමු .
******* ඔබට ජය ********
😎😎😎😎 ĐŚ 😎😎😎😎
රන්වන් පැහැපත් මුහුණක් සදහා වද මල් බීම බොමු.
Reviewed by ĐŚ
on
March 26, 2019
Rating:

No comments: