සුමිත්‍රා රාහුබද්ද මහත්මියගෙ අත අත නෑර පොතේ වගේමයි කියල හිතුන මට හිතෙන දේත්. මනුස්සයෙක් ඇතුලෙ තව මනුස්සයො දෙන්නෙක් ඉන්නව. හැබැයි ඒ පොතේ නම් තියෙන්නෙ කෙලින්ම සමාජෙ ඉන්නෙ ඔක්කොම දෙබිඩ්ඩො කියල. දෙකම එකයිනෙ බලපුවාම.. මගෙ ඇතුලෙත් දෙන්නෙක්ම ඉන්නව, මොකක් හරි පටන් ගන්න හදද්දි දෙන්නම එනව අදහස් දීගෙන. පාලනේ කරගන්න බැරි උනාම තමා ඕන දෙයක් වෙච්චාවෙ කියල පැත්තකට වෙන්නෙ. එක්කෙනෙක් ආඩම්බරයි, නපුරුයි, ඊරිසියාකරයි, කුහකයි (මට තාම තේරෙන්නැ ඒකෙ තේරුම) කොහොමහරි ඒ ඔක්කොම තියෙන අර සුපර් නැචුරල් ටීවී සීරීස් එකෙ වගේ ඩීමන් කෙනෙක්, අනිත් එක්කෙනා නම් ඒන්ජල් කෙනෙක් වගේ කෙනෙක්(කලින් කිව්ව එකේ වගේ ඒන්ජල් කෙනෙක් නම් නෙමේ හැබැයි) ක්ශීරපථෙන් පටං අරන් සෞරග්‍රහ මණ්ඩලේ හරහා හිතන්න පටන් ගත්තොත් නම් මේක අපේ පූසගෙ කෙස් ගහක් වගේ.. ඒත් ඇත්තටම ඊට වඩා ලොකු පවර් එකක් තියෙනව මේ මනුස්සයො දෙන්නට,, දමිත නිපුණජිත් (මගෙ වීරයෙක්) ගේ පොතෙ සිහිනයක් කතාව කියෙව්වට පස්සෙ හිතුන අපිත් මොල වැස්මක් දාගත්ත කොටසක්ද කියලත්.. ඒත් බුද්ධ ධර්මයෙ හැටියට නම් සිත කියන දේ විතරක්ම වෙන්න ඕන, දෙන්නෙක් විදියට ඉඳල අපිව නටවන්නෙ. මං ගැන හිතල, කෑම පාලනේ ගත්තොත් (මං ටිකක් මහතයි .... 😛) වේලකට කෑම ටිකක් අඩු කරන්න හිතුවොත් මං ඇතුලෙ ඉන්න අනිත් (ඩීමන්) මනුස්සය ලොවටම හඬගා කියනව මේ කෑම එක හොඳට කාල අනිත් එකේ ඉඳං පාලනේ කරමු කියල.. ඕක එක උදාහරනයක්.
ගොඩක් වෙලාවට ඒක හරියට අපි කවුද කියල අපිම දන්නෑ වගේ දෙයක්. ඩීමන් මනුස්සය අපිව පාගගෙන ඉන්න දගලනව වගේ. ඒත් ඒන්ජල්ව උඩට ගත්තොත් ඒ වෙලවෙ ඩීමන් කාරය අපේ වෙන මොකාක් හරි දේකට කෙලවල. ලෝකෙ පැවැත්ම පටන් ගත්ත දේ මොකක් වුනත් ඒකට ඕන්නෑ කිසිම සර්ව සම්පූර්න මනුස්සයෙක්ව. අඩු ඩීමන් කොටස් තියෙන වැඩි ඒන්ජල් කොටස් තියෙන ජීවිත කතා වලට තමා අමරණීයත්වයක් තියෙන්නෙ,, තාම ජීවිතේ හා හා පුරා කියල පටන් ගත්ත විතරනෙ,, මට ඕන නාකි උනාම පස්ස හැරිල බලද්දි "හහ් මං හොඳට ඉඳලනෙ" කියල හිතෙන විදියට ජීවත් වෙන්න.. ඒත් දැනට මේ ටිකට වෙච්ච දේවලුයි, මට හිතුන දේවලුයි බලපුවම ඒක හතර වෙනි ලෝක යුද්දයක් තිබුනොත් ඒකටත් එහා අමාරු දෙයක් වගේ තේරෙන්නෙ.
LCR-
Angle or Demon
Reviewed by Water_drops
on
March 14, 2019
Rating:

නියය් අක්කෙ😍 ඒක පට්ට
ReplyDelete