ලියනාර්ඩෝ ඩාවින්සි නොහොත් අනාගතයේ මිනිසා




චිත්‍ර ශිල්පය ගැන කතා කරද්දි අනිවාර්‍යෙන්ම හැමෝටම ඩාවින්සිගෙ මොනාලිසා චිත්‍රය මතක් වෙනවා.ඒත් ඇත්තටම ඩාවින්සි කියන්නෙ චිත්‍ර ශිල්පියෙක් විතරද?
මේ ලියනාර්ඩො කියන චරිතය බිහිවෙන්නෙ 1452 ඉතාලියේ තිබුන වින්සි කියන සුන්ද පුන්චි ගමේ.messer piero සහ canterina කියන දෙපල තමය් මේ ප්‍රාඥ්ඥයගෙ පියා සහ මව උනේ.ලියනාර්ඩෝගෙ ලමා කාලය ගෙවෙන්නෙ වින්සි වල.පසු කාලයේ ෆොලොරෙන්ස් වල Verrocchio කියන කලා කරුවා යටතේ චිත්‍ර ශිල්පය පිලිබද අද්‍යාපනය හැදෑරුවත් ඔහුගේ හිතේ සෑම මොහොතක තිබ්බෙ කුතුහලය සහ නව දැනුම් පිපාසය.තනි මිනිසෙකුගේ දැනුමට වඩා ඉතා ඉහල දැනුමක් සහිත අයෙක් වෙන්න එයත් හේතුවක් වන්නට ඇති.

හැමොම ඩාවින්සි කියන්නෙ අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පියෙක් කියලා  හිතුවට ඔහු ගැන කතා කරද්දි විශේශ වෙන්නෙ චිත්‍ර ශිල්පය නෙමේ.ඔහුගෙ විද්‍යාත්මක සොයාගැනීම්.
ඔහු වරෙක,චිත්‍ර ශිල්පියක්,ගෘහ නිර්මාන ශිල්පියෙක් ,විද්‍යාඥ්ඥයෙක්,ගණිතඥ්ඥයෙක්,සන්ගීතඥ්ඥයෙක්,ඉංජිනේරුවෙක්,වය්ද්‍යවරයෙක්,සිතියම් නිර්මාන කරුවෙක්,නව නිර්මාන කරුවෙක්...
කොටින්ම කියනවනම් ඔහු විසින් අද්‍යනය නොකල ක්ශේත්‍රයක් නැති තරන්.

ඔහු විසින් සටහන් තබා තිබූ රොබෝ නය්ට් වරයාගෙ ආකෘතිය මෑතකදී සාර්තකව ප්‍රතිනිර්මානය කිරීමට නාසා ආයතනයේ රොබෝ විසේසඥ්ඥයෙක් වන mark roshiem සමත් උනා.රොබෝ තාක්ශනය ගැන අසා වත් නැති යුගයක රොබෝවරයෙක්ගෙ අකෘතියක් නිර්මානය කිරීමට තරම් ඔහුගේ පරිකල්පන ශක්‍තිය කෙතරම් විශ්මිත විය හැකිද?එපමනක් නොවේ ඔහුගේ හෙලිකොප්ටර් ආකෘතියද නිර්මානය කල හැකි මට්ටමේ පවතින බව බොහෝ විද්‍යාඥ්ඥයන් මත පලකරනවා.බය්සිකලයක්වත් තිබ්බ නැති කාලෙක හෙලිකොප්ටරයක්.මේ මිනිසා කෙතරම් විශ්මිත විය යුතුද?
එකල ඔහු සටහන් තබා තිබූ විශ්මිත නව නිපැයුම් අතර යුද ටැන්කි,කාලතුවක්කු,පැරිශුට්,සබ්මැරීන්,පරාවලයික මාලිමා,ගනක යන්ත්‍ර  පමනක් නොවේ තවටත් නිර්මානය නොකල යන්ත්‍ර පවා අන්තර්ගතය්.

නව නිපැයුම් පමනක් නොවේ ඔහු වය්ද්‍ය ක්ශේත්‍රය පිලිබද සිදු කර ඇති අද්‍යනයන් පවා විශ්මය ජනකය්.මානව ව්‍යුහවේදය පිලිබද ප්‍රතම වරට පරීක්ශන පැවැත්වූ පුද්ගලයා ඩාවින්සි.මව් කුස තුල දරුවෙක් බිහිවන තෙක් සියලු සිදුවීම් ඔහු ඉතාමත් නිවැරදිව රූපයට නගා තිබුනා.මිනිස් සිරුර අද්‍යනය යක්ශයාගෙ කාර්‍යක් ලෙස පල්ලියෙන් හන්වඩු ගසා තිබූ යුගයක මිනිස් සිරුරේ අවයව පිහිටා ඇති ආකාරය ඉතාමත් නිවැරදිව දැක්වීමට ඔහු සමත් උනා.එම නොදියුනු යුගයේ අත් පා වල චලිත සිදුවන ආකාරය ,හිස් කබලේ ස්වරූපය,හදවත,රුදිර සංසරන පද්දතිය ආදි ඉතා ගැබුරු මාතෘකා පිලිබද සටහන් තැබීමට මෙම විශ්මිත මිනිසාට හැකි උනා.ඔහුගේ මරනයෙන් අවෘදු සිය ගනනක් යන තෙක්ම වය්ද්‍ය අද්‍යනයන්ට ඔහුගේ රූපසටහන් යොදාගත් බව ඔබ දන්නවාද?
මිනිස්සුන්ගෙ සිරිරු අද්‍යනයෙන් ඉදිරියට ගිය ඔහු සතුන්ගේ සිරුරු අද්‍යනයටද පෙලබුනා.හරකුන්ගේ,කුරුලන්ගේ,ගෙම්බන්ගේ,වදුරන්ගෙ සහ මිනිසුන්ගේ සශීර ව්‍යුහයන්ගෙ සමාන අසමාන කම් ගැන අද්‍යනය කලා.

ඩාවින්සි කල කී දෑ එතකින් නිම නොවේ.

ගසක සෑම උසකම ඇති ශාකාවල ගනකමේ එකතුව ගසේ කදේ ගනකමට සමාන වේ.
                  ලියනාර්ඩෝ ඩාවින්සි

ඔහු උද්බිත විද්‍යාව පිලිබදවද මහා දැනුමකින් යුතු වූ අයෙක්.ගොඩබිම ඇති ශාක මෙන්ම ජලජ ශාක පිලිබද ඔහු කර ඇති අද්‍යනයන්ගෙත් ඔහු තබා ඇති සටහන් බොහොමයක් වේ.

පෘතුවිය කියන්නෙ සූර්‍යාගේ අක්ශයේ කේන්ද්‍රයවත් විශ්වයේ කේන්ද්‍රවත් නෙමේ නමුත් එහි මද්‍යයේ මුලද්‍රව්‍ය ඒවා සමග බැදී පවතී.කවෘන් හෝ අයෙක් සද මත සිටිය හොත් ඔහුට හද සහ සූර්‍යා පෘතුවියට පහලින් වේ යැය් පෙනෙනු ඇත.
  ලියනාර්ඩෝ ඩාවින්සි තාරකා විද්‍යාව පිලිබදව තැබූ සටහනක කොටසක් එසෙ දක්වා ඇත.
එතනිනුත් ඔබ්බට ගොස් ගනිතය ජ්‍යාමිතිය රසායන විද්‍යාව ආදී පුලුල් ක්ශේත්‍ර ගනනාවක අද්‍යනයේ යෙදුනු ඔහු ඇවිදින විශ්‍ව කෝශයක් යැය් කීම සැබැවින්ම සාදාරනය.මහද්වීප ප්ලාවිතය ආදී බූගෝලීය තොරතුරු පවා ඔහුගේ ඇසට හසු විය.
චිත්‍ර අතර ඉගි සැගවීමට දක්ශයෙකු වූ ඩාවින්සි නිර්මානය කර ඇති මොනාලිසා අවසන් බෝජන සංග්‍රහය ආදී කලා කෘති අදටත් අබිරහසකි.(ඒ පිලිබදව වෙනම විස්තර කිරීමට බලාපොරොත්තු වෙනවා😋)

ඩාවින්සිගෙ මෙම විස්මිත බාවය නිසාම ඔහු ගැන ලිය වී ඇති පොත් පත් හා කලා කෘති විශාල ප්‍රමානයකි.ඩාවින්සි ගැන සොයා බැලීමට රුචි මෙවැනි මාතෘකා පිලිබදව උනන්දු අයට davinci code පොත හ එය අලලා නිපදවුනු චිත්‍රපටයත් davincis demons නාට්‍යත් වටිනා මූලශ්‍ර වන බවට නොඅනු මානය

 සටහන:-sd
ලියනාර්ඩෝ ඩාවින්සි නොහොත් අනාගතයේ මිනිසා ලියනාර්ඩෝ ඩාවින්සි නොහොත් අනාගතයේ මිනිසා Reviewed by Monster on December 30, 2019 Rating: 5

No comments:

Powered by Blogger.